Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැතිවරණ කාල සීමාව තුළ දී රාජ්‍ය සම්පත් අවභාවිත කරමින්, පක්ෂ- කණ්ඩායම්- අපේක්ෂක ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතුවන පරිදි හෝ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නිදහස් හා සාධාරණ ඡන්ද වීමසීමක් පැවැත්වීමේ කාර්යයට බාධාවන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ දෙවන මහලේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව  071 916 0000 අංකයෙන්   Viber සහ WhatsApp මගින් පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

පැමිණිලි සඳහා  0112 8600 56, 0112 8600 59 සහ  0112 8600 69 යන දුරකතන අංක ද ගනුන්වා දී තිබෙනවා.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට අමතරව දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවල දුරකථන ෆැක්ස් අංක පසුව ලබා දෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content