ප්‍රහාරක ජෙට් යානා කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි බටහිර නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

යුක්රේන ජනාධිපතිවරයා ඊයේ හදිසි සංචාරයක් සදහා බ්‍රිතාන්‍යයට පැමිණියා.

අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා හා ජර්මන් චාන්සලර්වරයා මුණගැසුනු සෙලෙන්ස්කි ප්‍රහාරක ජෙට් යානා ලබාදීම කඩිනම් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

අද දිනයේ දී යුක්රේන ජනාධිපතිවරයා යුරෝපා සංගමයේ නායකයින් මුණ ගැසීමට ද නියමිත අතර එහි දී ද ප්‍රහාරක ජෙට් යානා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content