ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනය සමග සිය වෙළඳ මෙහෙයුම් නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

අප්‍රේල් මාස ආරම්භයේදී සිය වෙළඳ මෙහෙයුම් නැවත අරඹන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ.

පසුගිය කාලය තුලදී තාවකාලිකව නැවත දැමුණු මෙහෙයුම්  චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමගයි යලි ආරම්භ කරනු ලබන්නේ.

ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට ෂැංහයි, බිජිං සහ ගුවැන්ෂු දක්වා සතියකට තුන්වතාවක් සිය සේවාවන් ලබා දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

WhatsApp Group

Skip to content