ඉරාන රාජ්‍ය විරෝධි උද්ඝෝෂණවලට සහභාගි වු තවත් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දන්ඩනය ලබා දී ඇති බව වාර්තා වනවා.

ඉරානය පුරා රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ ආරම්භ වුයේ පොලිස් අත්අඩංගුවේ සිටියදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්වීම හේතුවෙන් .

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ උද්ඝෝෂණ අතරතුරදි පොලිසිය සමග හටගත් ගැටුම්වලින් සිය ගණනක පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි .

මේ අතර රාජ්‍ය විරෝධි උද්ඝෝෂණවලට සහභාගීවිමට වරදකරු වු පුද්ගලයින් පස් දෙනෙකුට ඉරාන බලධාරීන් මරණ දඩුවම ලබාදී තිබෙනවා.

WhatsApp Group

Skip to content