පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 45 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා සඳහන් කරන්නේ එම දරුවන් සදහා වසරක පමණ කාළයක් අවම වශයෙන් පෝෂණීය ගුණයෙන් යුත් ආහාර වට්ටෝරුවක් ලබා දිය යුතු බවයි.

එලෙස කළහොත් පමණක් දරුවන් එම තත්වයෙන් මුදවා    ප්‍රතිඵලයක් ලබා ගත හැකි බවයිඑ මහතා සඳහන් කරන්නේ.

එසේම මේ වන විට තම බල ප්‍රදේශය තුළ දරු උපත් අනුපාතය  කෙමෙන් කෙමෙන් අඩු වී යන බවක්ද ඒ මහතා පවසනවා.

වර්ෂ 2014 දී සියයට 14.5 ක්ව පැවැති දරු උපත් අනුපාතය මේ වන විට සියයට 9 දක්වා පහත බැස ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ

WhatsApp Group

Skip to content