Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවට දෙසැම්බර් මාසයේ දී අයි එම් එෆ් ඉලක්කය අතපසු වුවහොත් ඒ සඳහා ජනවාරි මාසය සම්බන්ධයෙන් ද යම්කිසි විශ්වාසයක් තබා ගත හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මේ තුළින් අමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක මූල්‍ය සහනයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

රටේ ද්විපාර්ශවික ණය දෙන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පෙරමුණේ තබා ගනිමින් මෙම ආර්ථික ක්‍රියාදාමය සිදු කළ යුතු බවයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ.

පසුගිය දින කිහිපයේදී ඉලක්කගත වාර්තා මඟහැරුණහොත් ශ්‍රී ලංකාවට මාර්තු මාසය දක්වා අයි එම් එෆ් සහාය සක්‍රිය මට්ටමින් ළගාකර ගත නොහැකි බවට පළවූ වාර්තා අසත්‍ය බවයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.

WhatsApp Group

Skip to content