පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි අප්‍රේල් මස 25 වන දින පැවැත්විය නොහැකි බවට දන්වමින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ගැසට් නිවේදනයක් මගින් දැනුම්දී තිබෙනවා.

සියලුම දිස්ත්‍රික්කයන්හි තේරීම් භාර නිලධාරීන් විසින් අදාළ ගැසට් නිවේදනය අප්‍රේල් මස 11 වන දින නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඡන්ද විමසීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමේ ගැටලුව තවදුරටත් විසඳී නොමැති හෙයින් අදාළ පළාත් පාලස ඡන්ද විමසීම නියමිත දිනයේදී පැවැත්වීමට නොහැකි තත්ත්වයක් හටගෙන ඇති බවයි.

එම නිසා එම ඡන්ද විමසීම යළිත් වතාවක් කල්දැමීමට සිදුව ඇති බවටද ආදළ ගැසට් නිවේදනයේ සඳහන්.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

WhatsApp Group

Skip to content