නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදු කළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් 4ක් වෙත මාරු කර යැවීමට ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ  අධ්‍යක්ෂ වෛද්‍ය අර්.ඒ.එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර මහතා තීරණය කර තිබෙනවා.

අදාළ රෝගීන් රත්නපුර, හම්බන්තොට, මාතර සහ කරාපිටිය රෝහල් වෙත මාරු කරන එවන බවට දන්වමින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධයක්ෂවරයා විසින් අදාළ රෝහල් හතරේ අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම අත්‍යවශ්‍ය හා හදිසි සැත්කම් කළ යුතු රෝගීන් එම රෝහලට එවීමෙන් වළකින ලෙසටද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රත්නපුර, මොනරාගල සහ හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content