ඉදිරියේදී එළඹීමට නියමිත මැතිවරණය නොපැවැත්වීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/01/SAJITH-PREMADASA-EDIT-.mp3?_=1

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා ද කියා සිටියේ මැතිවරණ ක්‍රියාදාමයට විශාල විරෝධයක් දක්වමින් පවතින බවට පෙනී යන බවයි.

https://www.vnews.lk/storage/2023/01/CHARITHA-HERATH-EDIT-.mp3?_=2

රජය විසින් සෘජු හා වක්‍ර ලෙස විවිධ අයුරින් කුමන්ත්‍රණය කරමින් මැතිවරණය කල් දැමීමට සූදානම් වන බවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/01/ROHAN-LAXMAN-EDIT-.mp3?_=3

එමෙන්ම මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රකාශිත වී, නාම යෝජනා ද ඉදිරිපත් වී ඇති පසුබිමක් තුළද මැතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බවටයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා ද චෝදනා කරන්නේ.

https://www.vnews.lk/storage/2023/01/ROHANA-HETTIARACHCHI-EDIT-1-1.mp3?_=4

WhatsApp Group

Skip to content