මෛත්‍රීපාල සිරිසේන සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන චමීර පරණවිතාන සහ චාමිකා හර්ෂනී සිල්වා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර ඒ වෙනුවට වෙනත් දෙදෙනෙකු පත් කිරීම වළක්වාලමින්.

කිසිදු විනය ක්‍රියාමාර්ගයකින් තොරව පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අයුක්ති සහගතව තමන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයවලුන් පත් කිරීමට සූදානම් බවට ඔවුන් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරුනා.

WhatsApp Group

Skip to content