පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු යුධ හමුදා කර්නල් වරයෙකු ගොනු කළ රිට් පෙත්සම මැයි 11 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනුකළ පෙත්සම් තුනක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී යි.

එස්.තුරෙයි රාජා, ඒ. එච්. එම්. ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණා.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සුනිල් වටගල මහතා කියා සිටියේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමේ කිසිදු බාධාවක් නැති බවයි.

https://www.vnews.lk/storage/2023/02/SUNUL-WATAGALA-EDIT.mp3?_=1

මේ අතර පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ රට ආර්ථික අර්බුදයකට පත්ව ඇති මොහොතක මහජනතාවගේ මුදල් යම් ආකාරයකට හෝ වියදම් කර එහි ප්‍රතිඵල ලබාගත නොහැකි වුවහොත් එහි වගකීම දේශපාලන නායකයින් විසින් ගත යුතු බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2023/02/ROHANA-HETTIARACHI-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content