මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසනවා .

අදාළ සිද්ධිය සිදු වී ඇත්තේ පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හේතුවෙන් .

ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බවත් සිදුව ඇති දේපල හානිය මෙතෙක් ගනන් බලා නොමැති බවත් පොලිසිය සදහන් කළා .

ප්‍රදේශවාසීන්ගේ සහායෙ න් සහ මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න පාලනය කර ඇතත් දැඩි ලෙස හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content