රිය ධාවනය කිරීමේ දී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ලකුණු අඩු කිරීම මෙන්ම ඊට අදාළ දඬුවම් පැනවීමේ ක්‍රමවේදය ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එලෙස මාර්ගයේ රිය ධාවනය කිරීමේ දී වැරදි සිදු කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ලකුණු 24 කට යටත්ව ලකුණු කැපීම සහ දඬුවම් පැනවීම සිදු කරන බවයි.

කිසියම් රියදුරෙකු ලකුණු 24 සීමාවට ළගාවූ පසු ඔහුගේ හෝ ඇයගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන බවත් යළි ලිඛිත විභාගයෙන් සහ පුහුණු වීම් මඟින් යළි රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

නව ක්‍රමය යටතේ පොලීසියට සහ සියලුම මහේස්ත්‍රාත් මෙන්ම දිසා අධිකරණවලට දෝෂ පද්ධති ලකුණු වෙත ප්‍රවේශ වීම සඳහා ජංගම දුරකතන සපයනු ලබන අතර දඩ මුදල එම ස්ථානයේ දීම හෝ තැපැල් කාර්යාලයකින්, අන්තර්ජාලය හරහා ගෙවිය හැකියි.

WhatsApp Group

Skip to content