ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

ඒ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගේ රැඳවුම් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහායි.

අදාළ නියෝජිත කණ්ඩායමට එම කොමිසම් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි, අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු සිව් දෙනෙක් ඇතුළත්.

නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම පවසන්නේ වසන්ත මුදලිගේ රඳවා සිටින ස්ථානය වොත ගොස් ඔහුගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂාවට ලක් කළ බවයි.

ඒ අනුව රැඳවුම් තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳ මානව හිමිකම් කොමිසම බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

මේ අතර රැඳවියන් වෙත ලබාදෙන ආහාර සහ ඒවා පිළියෙල කරන ආකාරය සම්බන්ධයෙන්ද මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කරුණු විමසා තිබෙනවා.
මෙම පරීක්ෂණයේදී හඳුනාගත් කරුණි සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා ඉදිරියේදී බන්ධනාගාර නිලධාරීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවීමට නියමිතයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභා පනතේ 11(ඈ) සහ 28 (2) වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව පූර්ව දැනුම්දීමකින් තොරව මෙවැනි හදිසි පරීක්ෂා කිරීම සිදු කරනු ලබන බවයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ….

WhatsApp Group

Skip to content