Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මත්ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද චොකලට් එකක් ලබාදී තම මිතුරන් දෙදෙනෙකු සමග එක්ව තම පෙම්වතිය දූෂණය කිරීමේ පුවතක් පුනරීන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පෙබරවාරි 14 වනදාට යෙදී තිබූ පෙම්වතුන්ගේ දිනය සැමරීමට 17 හැවිරිදි පෙම්වතා විසින් සිය 14 හැවිරිදි පෙම්වතියට චොකලට් එකක් ලබාදී තිබෙනවා.

පොලිසිය කියා සිටියේ පෙම්වතා ලබාදුන් චොකලට් අනුභව කිරිමෙන් පසු පෙම්වතිය සිහිමුර්ජා වි ඇති බවයි.

පසුව ඇයගේ 17 හැවිරිදි පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එක්ව ඇය දූෂණය කර තිබෙනවා.

මෙම තරුණයන් තිදෙනාම මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ ඒවා අලෙවි කිරීමේ කටයුතුවලට නිරත වන්නන් බවට අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුනරීන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

WhatsApp Group

Skip to content