අවම වශයෙන් විදුලි ගාස්තු සියයට 20 කින් වහාම අඩු කළ යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා .

මෙම වසරේ විදුලි ඉල්ලුම අධි තක්සේරු කර ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 66 කින් විදුලි ගාස්තු ඉහළ දැමූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ .

එම අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිසම යෝජනා කළ පරිදි සියයට 35 කින් පමණක් විදුලි ගාස්තු ඉහළ දැමුවේ නම් ජනතාවට මෙතරම් පීඩනයක් ඇති නොවන බව ද සඳහන් කළා .

 

WhatsApp Group

Skip to content