යාපනය, මණ්ඩතිව් දූපතේ දකුණු වෙරළ ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 85කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අදාළ වෙරළ ප්‍රදේශයේ ලඳු කැළෑවක සගවා තිබූ උර තුනක පාර්සල් 22ක අසුරන ලද කේරල ගංජා තොගය සොයා ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.

මෙම කේරල ගංජා තොගයේ දළ විථී වටිනාකම රුපියල් මිලියන 28කට අධික වන අතර, එම තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ තබා ගන්නා බවද නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළා.

 

WhatsApp Group

Skip to content