නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අද දිනට තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 305ක් රැස්කරගෙන සිටියා.

ක්‍රයිස්චච්හිදී පැවැත්වෙන තරගයේ පළමු දිනයේදී ම ක්‍රිකට් වාර්තා කිහිපයක් අලුත් වීම ද විශේෂත්වයක්.

නවසීලන්තයේදී විදෙස් ක්‍රිඩකයෙකු රැස් කළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය කුසල් මෙන්ඩිස් විසින් ලබා ගත්තා.

කුසල් පන්දු 83කදී ලකුණු 87ක් රැස් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ආරම්භක පිතිකරුවෙකු රැස් කළ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතු කරගන්නට දිමුත් කරුණාරත්න සමත් වුණා.

ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5980ක් ලබාගෙන තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 ඉක්මවු තුන්වැනි පිතිකරුවා බවට පත්වීමට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

මැතිව්ස් මෙම තරගයේදී ලකුණු 47ක් රැස් කළා.

එමෙන්ම නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර කඩුලු ලාභියා බවට පත්වීමට ටීම් සවුදි අද සමත් වුණා.

ඒ අද තරගයේදී ලකුණු 39ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගැනීමත් සමගයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය හෙට ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content