මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් නම් කිරීම අද සිදු කෙරුනා.

ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මහාචාර්ය සරච්චන්ද්‍ර අපේ රටට බර වැඩි යුග පුරුෂයෙක් බවයි.

කෙනෙකු ජීවත්ව සිටියදී ඔහුගේ දක්ෂතා, කුසලතා හා නිර්මාණ ශක්තිය ඇගයීමට බොහෝ දෙනා කිසිදු කැමැත්තක් නොදැක්වූවත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් අන් අය අගය කීරීම ජීවිත කාලය තුළදීම පුරුදුව සිටි බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

එතුමා සිය කලා කෘති තුළ ප්‍රචණ්ඩත්වය හා හිංසනය වෙනුවට ලාංකීය සමාජය සුවපත් කිරීමට විශාල මානව දයාවක්, සෙනෙහසක්‌, ආදරය පිළිබඳව තියුණු මතවාදයක් ලොවට කාන්දු කළ ගුරුවරයෙක් බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content