බිත්තර නිෂ්පාදකයින් ස්ථාවර මිලක් යටතේ බිත්තර ලබා දෙන්නේ නම් රුපියල් 53ක මිලකට වෙළඳසැල් වෙත බිත්තර ලබාදිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා පවසනවා.

බිත්තර සඳහා රුපියල් 43 ත් , 45 ත් අතර උපරිම සිල්ලර මිලක් පනවා තිබුණ ද බිත්තර අලෙවි වන්නේ රුපියල් 60 ත් , 70 ත් අතර මිලකටයි.

කෙසේ වෙතත් පසුගිය සතියේ අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයත් සමඟ එම සිල්ලර මිල සඳහන් ගැසට්ටුව අත්හිටවනු ලැබුවා.

එමෙන්ම වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවති බලතල ද අහිමි වුණා.

WhatsApp Group

Skip to content