ඊයේ පැවති 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඇහැටුවැව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මුහුණදුන් අපහසුතාව සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් යොමු කර තිබෙනවා.

එම නිලධාරීන් පිරිස අද පිටත්කර යවන බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා කියා සිටියේ.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

WhatsApp Group

Skip to content