ප්‍රකට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක් හා ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබෙනවා .

නිවසේ සිටි ගෘහ සේවිකාව විසින් රන් මුදුවක් සොරාගෙන ගොස් ඇති බවට සුධර්මා නෙත්තිකුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රදේශවාසීන් විසින් මෙම කාන්තාව වැලිකඩ පොලිසියට පසුගිය මැයි මස 11 වැනිදා භාර දී තිබුණා.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි එම ගෘහ සේවිකාව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාරදීමෙන් පසු ඇතිවූ වේදනාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා.

පසුව එම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුදින මිය ගොස් තිබුණා.

WhatsApp Group

Skip to content