මීළඟ ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

එය කොවිඩ් -19 වසංගත තත්ත්වයට වඩා මාරාන්තික විය හැකි බවයි එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වා දෙන්නේ.

කොවිඩ් -19 සම්බන්ධයෙන් වූ ගෝලීය හදිසි අවස්ථාව මේ වන විට අවසන් වී තිබුණ ද කොවිඩ් හේතුවෙන් පවතින ගෝලීය සෞඛ්‍ය තර්ජනය මෙතෙක් අවසන් වී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට වෙනත් ප්‍රභේදයක තර්ජන මතුවෙමින් පවතින අතර එය නව රෝගීන් හා මරණ වාර්තාවීම ඉහළ යාමට හේතුවනු ඇති බව ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පවසන්නේ.

76 වන ලෝක සෞඛ්‍ය සමුළුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීවරයා මේ බව සඳහන් කර තිබුනා.

WhatsApp Group

Skip to content