Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කටුනායක ගුවන්තොටුපලේ දී සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දැනට පවතින රුපියල් 25,000ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා සිවිල් ආරක්ෂක කණ්ඩායම් යෙදවීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව එවැනි පැමිණිලි භාරගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ කවුළුවක් ද ඇති කිරීමට තීරණය කර තිබෙනවා.

ගමන්මළු ඔසවන්නන්, ටැක්සි රියදුරන් සහ තැරැව්කරුවන් මෙම අක්‍රමිකතාවල නිරතවන බවට ලැබෙන පැමිණිලි මත මෙම පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට මෙරට තුළ නව සංචාරක කේන්ද්‍රස්ථාන, සහනදායි ගාස්තු, ප්‍රවාහන පහසුකම්, හෝටල් පහසුකම් ඇතුළු සම්පූර්ණ තොරතුරු ලබා ගත හැකි ජංගම දුරකථන යෙදවුමක් එළිදක්වන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙරට තුළ හඳුනා ගෙන ඇති සංචාරක කලාප 16 ක් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයක් ද ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි .

WhatsApp Group

Skip to content