මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ ඊයේ රාත්‍රියේ සිට මෙලෙස අකුරණ නගරයේ ආරක්ෂාව තර කර ඇති බවයි.

අද දිනය තුළ අකුරණ නගරයේ දේවස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් බෝම්බ පිපිරවීමක් සිදු වන බවට 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ දින ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි පොලිසිය විසින් මෙලෙස ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත්තේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බව සදහන්.

එමෙන්ම අතිරේක හමුදා කණ්ඩායමක් ද අදාළ ප්‍රදේශය වෙත අනුයුක්ත කර ඇති බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content