ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද දින අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියා.

නමුත් උන්වහන්සේව අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම නිසා  දැඩි අපහසුතාවයකට ලක්වුණා.

අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද දින අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් පිටත්ව යෑමට ඊයේ දින රාත්‍රී 10.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර තිබෙනවා.

ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු නිමා කර අදාළ ගුවන් යානයට පිවිසීම සදහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන් ගෙන සිටි බවයි වාර්ථා වන්නේ.

ඒ අතර එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර වෙත යාම සදහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් ද මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණා.

ඉන් මද වේලාවකට පසු එම ස්ථානයේ සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති – ඇමතිවරුන් පිරිසක් විශේෂ බස් රථයක් යොදා ගනිමින් මෙම තායිලන්තය බලා පිටත්ව යන ගුවන් යානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

අද දින අලුයම 02.30 ට පමණ මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ වැඩ වාසය කරමින් සිටි මෙම හිමියන්ගේ ගුවන් ගමන අවලංගු කර ඇති බව සදහන්.

පසුව මෙම හිමියන් අද දින අලුයම යළිත් ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු සිදු කර අද උදෑසන 10.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූගඑල්ග- 314 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරිය බැවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.

ඒ වනවිට උන්වහන්සේ පැය 12 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළ තුළ අපහසුතා මධ්‍යයේ රැදී සිට තිබෙනවා.

 

WhatsApp Group

Skip to content