තම පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරක් හේතුවෙන් එය අසාර්ථක වී තිබෙනවා.

එය මුහුදට කඩා වැටුණු බවයි උතුරු කොරියාව පවසන්නේ.

එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ජුනි 11 වන දා වන විට  චන්ද්‍රිකාවක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව උතුරු කොරියාවේ අගනුවර වන Pyongyang හි බලධාරීන් මීට පෙර නිවේදනය කර තිබුණා.

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් එල්ල කළ බව පෙනෙන්නට ඇති බවත් රජය ඒ පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කරමින් සිටින බවත් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා  මේ පිළිබඳව පවසා තිබුණා .

එක්සත් ජනපදය දකුණු කොරියාව සහ ජපානය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres ද මෙම දියත් කිරීම හෙළා දැක ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Pyongyang විසින් බැලස්ටික් මිසයිල තාක්ෂණය භාවිතයෙන් චන්ද්‍රිකා දියත් කිරීම  ආරක්ෂක මණ්ඩල යෝජනාවලට පටහැනි බවයි ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණේ.

WhatsApp Group

Skip to content