තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් ලබන 19 සහ 20 යන දෙදින පවතින අඩුපීඩන කලාපය මෙරට උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සබරගමුව, ඌව, මධ්‍යම සහ දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම උතුරු අක්ෂාංශ 07 ත් 20 ත් නැගෙනහිර දේශාංෂ 80 සහ 93 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ත් 55 ක් පමණ වන අතර විටින් පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි වනවා.

මේ අතර කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළ ආසන්න ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ත් 3 ත් අතර ඉහළ යා හැකි බව සඳහන්.

මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content