Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එමෙන්ම මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සදහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවා ලෙස අදාළ ගැසට් නිවේදනය මගින් අර්ථ දක්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content