අත්අඩංගුවේ පසු වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙදෙනා ඇප මත මුදාහැරුණා.

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී විරෝධතාවයක නිරත වූ අවස්ථාවේදී අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස පසුගිය 23දා අත්අඩංගුවට ගැනුණා.

මාස දෙකක කාලයක් තිස්සේ වසා දමා ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස ඉල්ලමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වූවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(27) ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප නියම කෙරුණා.

WhatsApp Group

Skip to content