එළඹෙන 8 වනදා තම සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීප ව්‍යාප්තව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

මෙම ක්‍රියාමාර්ගයට ඔවුන් එළඹීමට තීරණය කර ඇත්තේ නව බදු ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් .

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ඊයේ දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

මේ අතර 2023 වසරේ ජනවාරි පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි කැබිනට් මණ්ඩලය යෝජනා කළ අතුරු විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට ඊයේ දිනයේදී ඒකමතික තීරණයකට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමේදීයි අදාළ තීරණය ගෙන ඇත්තේ .

එහි සියලු සාමාජිකයන් ඒකමතිකව මෙම තීරණය ගත් බවයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කලේ .

මිට අමතරව ලැබෙන වර්ෂාපතනය අනුව ජල කළමනාකරණ කමිටුව සිදුකරන දැනුවත් කිරීම මත අද දිනයේදී විදුලි කප්පාදුව සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත වනවා .

WhatsApp Group

Skip to content