Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර 20යි 20 ලීගයේ සම වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ වනිදු හසරංග සමත්ව තිබෙනවා .

ඒ, ඊයේ සාජා වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු දවා ගත් කඩුලු තුනත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 148 ක් ලබා ගත්තා.

සාජා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී වනිදු හසරංග කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 13 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඒ අනුව ඔහු මේ වන විට මෙවර තරගාවලියේ දී තරග 6කදී බිද හෙලා ඇති කඩුලු ගණන 10 ක්.

WhatsApp Group

Skip to content