උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම වයඹ පළාතේත්, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී ද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 30ත් 40ත් පමණ වන අතර එය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 20ත් 30ත් අතර අගයක් ගනු ලබනවා .

WhatsApp Group

Skip to content