Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

චාමික කරුණාරත්නගේ හා අශේන් බණ්ඩාරගේ සටන්කාමී ඉනිම් හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත බව රැක ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ තවදුරටත් රැදී සිටීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගාවලියේ 6 වැනි තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කරමින්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 148 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 7 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පැතුම් නිස්කංක ලකුණු 29 කටත්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 11 කටත් දැවී ගියා. අශේන් බණ්ඩාර පන්දු 39 කින් නොදැවී ලබා ගත ලකුණු සංඛ්‍යාව 44 ක් .

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත් අතර, විජයකාන්ත් වියස්කාන්ත්, ජේම්ස් ෆුලර්, සමාන් ඛාන් හා මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් බිද හෙලීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 147 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 31 යි. ෂොයිබ් මලික් ලකුණු 28 ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී ඉසුරු උදාන, ෆෙබියන් ඇලන් හා නායක වනිදු හසරංග කඩුලු 2 බැගින් බිද හෙලුවා.

WhatsApp Group

Skip to content