අද දිවයින පුරා විරෝධතා මාලාවක් සංවිධාන කර තිබෙනවා.

රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තිය සමිති ක්‍රියාකාරීන් ඊට එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

රාජ්‍ය සම්පත් පෞද්ගලිකරණයට එරෙහිව සහ උද්දමන දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතා ක්‍රියාත්මකයි.

කොළඹ ජාතික රෝහලේ සේවකයින් තම ඉල්ලීම් සහිත විවිධ පුවරු රැගෙන පා ගමනක නිරත වුණා.

මේ හේතුවෙන් පුරහල අවට රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබුණා.

https://www.vnews.lk/storage/2022/12/HOSPITAL-1.mp3?_=1

කෑගල්ල රෝහල් සේවකයින්ද විරෝධතාවක නිරත වීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩපණ වී ඇති බවයි වාර්තා වන්නේ.

https://www.vnews.lk/storage/2022/12/KEGALLE.mp3?_=2

WhatsApp Group

Skip to content