Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබෙනවා .

ඒ අනුව අද දිනයේදී කර්මාන්ත ,වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ වැවිලි කර්මාන්ත යන අමාත්‍යංශයන්හි කාරක සභා අවස්ථාවේ විවාදයන් පැවැත්වීමට නියමිතයි .

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථා දායක සභාවට පත්කර තිබෙනවා .එලෙස ඔහුව පත්කර ඇත්තේ ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙසයි .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට මේ බව ඇනුම් දුන් බවද වාර්තා වනවා .

WhatsApp Group

Skip to content