සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පස්වරු 02.30 ට පැවැත්වෙනවා .

මේ වන විට තරග 1 ට බින්දුවක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවන්නේද ඇෆ්ගනිස්ථානයයි .

කෙසේ වෙතත් තරගාවලිය සම තත්වයෙන් අවසන් කර ගැනීමට නම් අද තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය වනවා .

මේ දක්වා දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග 6 ක් පවත්වා ඇති අතර ඉන් 3 ක් ජය ගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි .

දෙරට අතර පැවතී තරග වලින් ඇෆ්ගනිස්තානය තරග 2 ක් ජයගෙන ඇති අතර එක් තරගයක් විසදුමකින් තොරව නිමා වී තිබෙනවා .

කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පැවසුවේ අද තරගය සදහා මනා සැලසුමකින් යුතුව සුදානම් බවයි .

https://www.vnews.lk/storage/2022/11/PATHUM-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content