Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සිව්වසරකට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගට අද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

2019, 2020 , 2021 සහ 2022 වර්ෂවල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙම විභාගය පැවැත්වෙනු ඇති.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද පෙරවරු 09 සිට මධ්‍යහන 12 යි 10 දක්වා විභාගය පැවැත්වෙන බවයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3269කදී විභාගය පැවැත්වීමට නියමිත බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම අද විභාගය සදහා අයදුම් නොකළ පාසල් අයදුම්කරුවන්ට මේ වසරේ 12 වන ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සදහා සිය පාසල් මගින් අයදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content