අද සහ හෙට දිනවල දී විදුලිය කප්පාදු කිරීම පැය දෙකයි විනාඩි 20 දක්වා වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා .

ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද රාත්‍රී කාලයේ දී පැයක් සහ විනාඩි 20 ක් ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි .

මෙතෙක් දිනකට කපා හැරීම සිදු කරනු ලැබූවේ පැය දෙකක් පමනයි.

මේ අතර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිලට දුන් සහනය මේ වන විට ක්‍රියාත්මක වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අදපැවසුවා.

එය ආගමික ස්ථානවලට පොදුවේ ලැබෙන සහනයක් බවත් ඔහු ප්‍රකාශ කළා.

කිසිඳු ආගමික ස්ථානයක් නම් කර සහන ලබාදෙන්නේ යැයි තමන් ප්‍රකාශ කර නොමැති බව ජනක රත්නායක මහතා සදහන් කළා .

WhatsApp Group

Skip to content