අද සහ හෙට දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට මුදාහරින බව ද එම සමාගම සදහන් කළා .

මේ අතර ඊයේ දිනයේ කර්මාන්ත ශාලා, ප්‍රධාන හෝටල් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කල බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළා .

එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 4,000ක තොගයක් රැගත් නෞකාවක් දෙසැම්බර් 30 වැනිදා දිවයිනට ළඟාවීමට නියමිතයි.

ඒ අනුව උත්සව සමයට සරිලන පිරිදි ගෑස් ඇණවුම් කර ඇති බවද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කලා.

WhatsApp Group

Skip to content