මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 09 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනු අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි.
අද දිනයේදී සිවිල් ගුවන් සේවා පනත යටතේ ගැසට් පත්‍ර කිහිපයකින් පළ කර ඇති නියෝග කිහිපයක් පිළිබඳ විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සදහන් කළේ.
මේ අතර රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරික්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීමේ සංශෝදිත යෝජනාව අද න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311