Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2022 වසරේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම තුන්වන පාසල් වාරය ආරම්භ වන ලබන සඳුදා සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලබන වසරේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලබන්නේ තුන්වන පාසල් වාරය අවසන් වී 2023 වසරේ මාර්තු 24 දිනෙන් පසුව බවයි.

එමෙන්ම එහිදී පාසල්වල පවතින පුරප්පාඩු මත යොමු කරනු ලබන අයදුම්පත්‍ර විශේෂයෙන් සළකා බලන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

2021 වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරා නොමැති පාසල්වල සිසුන් විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම් පත් අදාළ පාසලටම යොමු කළ යුතු වනවා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය වෙත එම ඉල්ලුම් පත් යොමු නොකරන ලෙස ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

WhatsApp Group

Skip to content