ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති මෙම කමිටුව සඳහා සාමාජිකයින් තිදෙනෙකු නම් කර ඇති බවද සඳහන්.

එලෙස කමිටු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ එම් ඩී එස් ඒ පෙරේරා, ගාමිණි කුමාරසිරි සහ කේ ජී පී වසන්ත ගමගේ යන මහත්වරුන්.

වරාය අධිකාරියේ වෘත්තිය සමිති නියෝජිතයින්ට මෙන්ම අනෙකුත් පාර්ශවවලට එම අධිකාරියේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි මෙම කමිටුවට ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

මෙම කමිටුවට එවන ලද සියලු පැමිණිලි මාස 6 ක් ඇතුලත විමර්ශනය කළ යුතු අතර එම කමිටු වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බවයි අමාත්‍යංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content