Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගුරු සංගමයක් මගින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් කටයුතු පිළිබද මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් පිළිබදවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

උසස් පෙළ විභාගය ආරම්භ වීමට පෙර උත්තර පත්‍ර ඇගයීමේ අයදුම්පත්‍ර කැදවීමේදී එක් ලක්ෂ අනුදහසක පරීක්ෂකයින් සංඛ්‍යාවක් අවශ්‍යව සිටි බව අදාළ නිවේදනයේ සදහන්.

කෙසේවෙතත් ඒ සදහා ඉල්ලුම්කර තිබුණේ පරීක්ෂකයින් 12000ක් පමණක් බව ද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළා.

මෙවන් පසුබිමක ගුරු සංගම් සමග සාකච්ඡා කර උත්තර පත්‍ර ලකුණු කිරීම සදහා ගෙවනු ලබන ගාස්තුවට අමතරව ලබා දෙන රුපියල් 500ක සංහෘත දීමනාව රුපියල් 2000ක් දක්වා වැඩි කළ බව ද අදාළ නිවේදනයේ සදහන්.

එමෙන්ම කිලෝමීටර් 81 ට වැඩි දුරක සිට උත්තැ පත්‍ර ඇගයීම් කටයුතු සදහා එක්වන ගුරුවරුන්ට එම දීමනාව රුපියල් 2900ක් දක්වා වැඩි කළ බවද අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content