පළමු ශ්‍රේණියේ සිට සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිතා කිරීම දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ලබන 30 වනදා සිට මෙය ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ.

මේ අතර 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය යාවත්කාලින කිරීම් සිදු කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.

කොළඹ විශ්ව විද්‍යාලීය නව කලාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/03/SUSIL-PERMJAYANATH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content