Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බන්ධනාගාර තදබදය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කර තිබෙනවා.
බන්දනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේ සමස්ථ බන්ධනාගාරවල මේ වන විට රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 30,094ක් වන බවයි.
ඒ අනුව පවතින තත්ත්වයන් හමුවේ බන්ධනාගාරවල ආරක්ෂාව ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
සැකකරුවන් බැලීමට පැමිණෙන පුද්ගලයින් හරහා තහනම් භාණ්ඩ බන්ධනාගාර තුළට රැගෙන ඒම වැළැක්වීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව එලෙස පැමිණෙන පිරිස් දැඩි පරික්ෂාවකට ලක් කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

WhatsApp Group

Skip to content