Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඉන්දුනීසියාවේ සහය ලබාදෙන බවත් දෙරට අතර දේශපාලනික හා සංස්කෘතික වශයෙන් පවතින සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට ඉදිරියේදීත් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි Dewi Gustina Tobing පවසනවා.

තානාපතිවරිය මේ බව කියා සිටියේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර පැවැති හමුවකදීයි.

දෙරට අතර සුහදතාවය වැඩිදියුණු කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු ව ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇතුළු සියලු කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවැති යුදමය තත්ත්වයෙන් පසුව රජය විසින් ජාතීන් අතර සංහිඳියාව වැඩිදියුණු කිරීම සඳහා කළ කාර්යයන් සම්බන්ධයෙන්ද අධිකරණ අමාත්‍යවරයා විසින් තානාපතිනිය දැනුවත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content