Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බවයි.
ඒ අනුව ලබන සඳුදා සිට ප්‍රධාන මාර්ගයේ 18ක් – මුහුදුබඩ මාර්ගයේ 8ක් – කැලණිවැලි මාර්ගයේ 2ක් සහ පුත්තලම මාර්ගයේ 2ක් ලෙස දුම්රිය කෙටි ගමන්වාර අවලංගු කෙරෙනු ඇති.
දැනට පවතින 400 ක් වන දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව මෙම තත්වය යටතේ ලබන සඳුදා සිට 370 ක් බවට පත්වනවා. විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද මේ බව දන්වා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දුම්රිය සේවක හිඟය සහ වියදම් අඩු කිරීම සඳහා මගීන් වැඩි ප්‍රමාණයක් ගමන් නොකරන දුම්රිය වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කර මෙම දුම්රිය ගමන්වාර අඩු කළ බවත් මගී ජනතාවට අවම අපහසුවක් වන ආකාරයට එය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් හා නියාමකයන් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

WhatsApp Group

Skip to content