පසුගිය වසර දහයක කාලය තුළ රටේ අපනයනකරුවන් විසින් උපයා ගත් ඩොලර් බිලියන 40කට වැඩි මුදලක් විදෙස් රටවල්වල තැන්පත් කර ඇති බවත් අදාළ මුදල් රැගෙන ඒම සඳහා නීති සම්පාදනය කළ යුතු බවත් ලංකා බැංකු සේවක සංගමය පවසනවා.

එම සංගමයේ ජේ්‍යෂ්ඨ උප සභාපති අනූප ලන්දුල මහතා පවසන්නේ රට තුළ අර්බුදයක් ඇති වූ බවට පෙන්වමින් රට අර්බුදයකට පත් කර ඇති බවයි.

මේ හේතුවෙන් රට තුළ අර්බුදයක් ඇති කළ පිරිසගෙන් අදාළ මුදලින් කොටසක් හෝ ලබාගැනීමට කටයුතු කළහොත් පවතින අර්බුදයෙන් ගොඩඒමට හැකි බවයි ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

රටේ සිටින වෘත්තිකයන් සහ ජනතාවට අධික ලෙස බදු පැනවීම අසාධාරණ බවයි ලංකා බැංකු සේවක සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ .

WhatsApp Group

Skip to content