දක්ෂිණ අධිවේගී මාර්ගයේ හෝමාගම පොලිස් වසමේ කිලෝ මීටර් 01යි එක ආර් කණුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු හෝමාගම රෝහලට ඇතුල් කර තිබෙනවා.

මාතර දෙස සිට කඩවතට දෙසට ධාවනය වූ ලොරි රථයක ඊට පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මෙම අනතුරින් 59 හැවිරිදි වියේ පසුවන රුසියානු ජාතික කාන්තාවක්, 59 හැවිරිදි වියේ පසුවන රුසියානු ජාතික පිරිමි පුද්ගලයෙක් මෙන්ම 25 හැවිරිදි වියේ පසුවන වෑන් රථයේ රියදුරු තුවාල ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content